හොර උපාධි සහතිකයක් ඉදිරිපත් කර හය වසරක් නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ඉගැන්වූ ගුරුවරයකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
සැකකරු කැලණිය විශ්ව විද්‍යාලයයෙන් ලබා ගත් ආර්ථික විද්‍යාව ගෞරව උපාධි සහතිකයක් ඉදිරිපත් කර 2008 වසරේදී ශාන්ත ජෝසප් විද්‍යාලයයේ සේවයට ගොස් ඇත.
ඔහු ගැන කොළඹ වංචා විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව කළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ සැකකරු ඉදිරිපත් කළ ගෞරව උපාධි සහතිකය ව්‍යාජ බවයි.
ඒ අනුව හොර සහතික ඉදිරිපත් කිරීම හා වසර හයක් රජයේ වැටුප් මුදල් වංචා සහගතව ලබා ගැනීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.