හොර සල්ලි මාරු කරන්න පැල්මඩුල්ලට ඇවිත්


රුපියල් දාහේ හොර නෝට්ටු 48ක් සමග තරුණයෝ දෙදෙනෙක් පැල්මඩුල්ල පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. බදුල්ලේ පදිංචිකරුවන් බව කියන මේ දෙදෙනා ත්‍රිරෝද රියකින් පැමිණ කඩවලට ගොස් හොර සල්ලි මාරුකරමින් සිටිය දී පැල්මඩුල්ලේ පිරිසක් විසින් අල්ලාගනු ලැබූහ.