හොර සල්ලි මාරු කරන්න ගෑණුත් යති
වන්දනාකරුවන් ලෙස තන්තිරිමලේට ආ පිරිසක් රුපියල් දාහේ හොර නෝට්ටු මාරු කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගැහැණු දෙදෙනකු ඇතුළු හත් දෙනෙකු කොට්ටාව, රාජගිරිය, එප්පාවල හා සාලියපුරයෙන් එහි ගොස් ඇතැයිද හොර නෝට්ටු දහයක් හා හොර නෝට්ටු මාරු කැර ලබාගත් හැත්තෑදහසකට අධික මුදලක්ද ඔවුන් පැමිණි ත‍්‍රිරෝද රියද අත්අඩංගුවට ගෙන තිබේ.

