හොර වෙබ් අඩවියෙන් විදේශිකයන් ගසාකාලා


ව්‍යාජ වෙබ් අඩවි පවත්වාගෙන යමින් විදේශ සංචාරකයනට නවාතැන් දෙන බව පවසා මුදල් වංචා කළැයි කියන මාලන් ප්‍රනාන්දු නම් තැනැත්තෙක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 24 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

වංචා සිද්ධිය රැසක් සම්බන්ධයෙන් පොලිසි ගණනාවකට හා ඉන්ටර්පෝල් පොලිසියට අවශ්‍ය බව කියන මෙම පුද්ගලයා නවාතැන් සොය එන විදේශිකයන්ගෙන් අත්තිකාරම් ගෙන මඟහරිතියි පොලිසිය අධිකරණයට දැන්වීය.