හොර රියදුරු බලපත් හැදූ 6ක් කොටුවෙති


(ඉන්දිකා රාමනායක)

මරදාන  දේවානම්පියතිස්ස මාවතේ  පවත්වාගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත‍්‍ර සකස් කිරීමේ ස්ථානයක් වටලා ව්‍යාජ රියදුරු බලපත‍්‍ර 56 ක් සමග සැකකරුවන් 6 දෙනකු  පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මුලස්ථානය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  කටුවාවල, මොරටුව, මරදාන, රත්මලාන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.