හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය ක.ක.ස රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන්කර නොගෙන එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සදහා යැයි පවසමින් අල්ලස් වශයෙන් රුපයිල් 20,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකවරියක සහ තරැව්කරුවන් තිදෙනකු ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයක තල්දියවල, අතුරුගිරිය පදිංචි ගම්ලත් රත්නායකගේ සචිනි සිතාරා ජයසිංහ, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයක කිතුල්පිටිය, බණ්ඩාරගම පදිංචි අලුත්ගෙදර ජයලත් පාලිත ගුණසිංහ, ලොතරැයි අලෙවිකරුවකු වන හෙට්ටිපොළ පදිංචි රාමනායක මුදියන්සේලාගේ ප්‍රියන්ත රාමනායක සහ දුරකතන සිම්කාඩ්පත් අලෙවිකරුවකු වන මීගමුව පාර කදාන පදිංචි කසුන් කලිදු චන්ද්‍රසේන යන අයවලුන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මලලසේකර මාවත, කොළඹ 07 ලිපිනැති කරුණානායක මුදියන්සේලාගේ නුවන් ජානක සෙනෙවිරත්න යන අය විසිනි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබිය