( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව, ලුනාව ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු දේශිය සහ විදේශිය රටවලින් නිකුත් කරන සහතික පත් මුද්‍රණය කරන ස්ථානයක් වටලා රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු , ව්‍යාජ සහතික පත්,හා ඒවා මුද්‍රණය කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් සමඟ පුද්ගලයින් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ ඒකකය පවසයි.
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 31, ප්‍රින්ටර් 8ක් , ලැප්ටොප් පරිගණක 2 ක්, යතුරුලියනයක්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක නිලමුද්‍රා අසුවකට ආසන්න ප්‍රමාණයක්,සහතික පත් තොගයක්, මුද්‍රණ තීන්ත, මුද්‍රණ සඳහා යොදා ගන්නා කඩදාසි ඇතුළු තවත් උපකරණ රැසක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුනට පත් සැකකරුවන් අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනකුද සිටින බව පොලීසිය පවසයි.