හොර දොස්තර හිරේ


ගම්පොළ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බොරු දොස්තරකෙනකුට දෙවසරක සිර දඬුවමක් නියම කළ ගම්පොළ මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා එය පස්වසරකට අත්හිටැවීය. රුපියල් එක්දාස් පන්සීයක දඩයක්ද පැමිණිලිකාරියට රුපියල් දස දහසක වන්දියක් ගෙවන ලෙසද ඔහුට නියම විය. ගම්පොළ පෞද්ගලික රෝහලක කම්කරුවකු වන පරම සිවම් සෞවුන්ද්‍රරාජන් නම් ඔහු එතැනින් අස්වී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් අරඹා එහි දොස්තර ලෙස කටයුතු කළැයි උසාවියේදී කියැවිණි.