හොර ඩොලර් සමග රට ජෝඩුවක් සැකපිට
හොරට මුද්‍රණය කළ ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු 451 හා මුද්‍රණ කඩදාසි තොගයක් සමග කැමරන් ජාතිකයකු හා මාලි කතක සැකපිට ගාලු මුවදොර හෝටලයක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
ජංගම දුරකතන තුනක්, යූරෝ 50 නෝට්ටුවක් හා රුපියල් 5000ක් ඔවුන් ළඟ තුබූ බවත් ඔවුන් රහස් පොලීසියට බාර දුන් බවත් ජයකොඩි මහතා කියයි.

