( ටී.කේ.ජී.කපිල )
අන්සතු ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු , කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුව දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මුලතිව් , යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කම්කරු වෘත්තියෙහි නියැලී තරුණයෙකි.
අද (19) අලුයම 03.45 ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යාමට නියමිත , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ විගමන කවුළු වෙත තම නිශ්කාශන කටයුතු සඳහා නොපැමිණ , ඒවා අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම තරුණයා පිළිබඳව සැකසිතු ආගමන දෙපාර්තමේන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , ඔහු තමන් වෙත කැඳවා ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ .
එහිදී ඔහු සතු ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි පිළිබඳව විමසූ විට , ඔහු එම නිලධාරීන් වෙත ඉතාලි ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර , එහිදී එම නිලධාරීන් ඉතාලි භාෂාවෙන් කරුණු විමසද්දී , ඒවාට පිළිතුරු දීමට මෙම තරුණයා අපොහොසත් වී තිබේ .
පසුව ඔහු සතු ගමන් මල්ල පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී මෙම තරුණයා ගේ ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රය ද හමුවී තිබේ .
ඉන්පසුව මෙම තරුණයන් සතු සියළුම ලියකියවිලි , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගත් අතර , ඒ අතරතුර ඔහුගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද ආරම්භ කර තිබේ .
එහිදී මෙම තරුණය සතුව පැවති ඉතාලි ජාතික ගුවන් ගමන් බලපත්‍රය , වෙනත් පුද්ගලයෙකු සතුව පැවති එකක් බවත් , එය තැරැව්කරුවකු මගින් මොහු ලබාගෙන ඇති බවත් අනාවරණය විය .
එමෙන්ම මෙම ඉතාලි ජාතික ගුවන් ගමන් බලපත්‍රයෙහි සටන් කර තිබූ , ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී නිකුත් කරන වීසාවක ව්‍යාජ පිටපතක් ද අනාවරණය කර ගැනීමට මෙම නිලධාරීන් සමත්වී තිබුණි .

