හොර අයිඩී කන්තෝරුවක් අල්ලයි


රුපියල් 25000 ක ගාස්තුවකට පැයකදී ජාතික හැඳුනුම්පත ද රියැදුරු බලපත‍්‍රයද හොරට හදාදෙන තැනක් මරදානේ මහල් නිවසකින් අල්ලාගත් බව නොවිසැඳුනු අපරාධ පිළිබඳ පොලිසිය (නුගේගොඩ) කියයි. රුපියල් 13000 ක මාසික කුලියකට එහි කාමරයක් කුලියට ගෙන සිටි දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.