හොඳම සංචාරක රටවල් 5 අතර ශ්‍රී ලංකාව


ලෙව සංචාරය කළ යුතු හොඳම රටවල් පහ අතර ශ්‍රී ලංකාව ද එක්වන බව ලොව සංචාරක අලෙවි සමුළු වාර්තාව කියයි. මෙක්සිකෝව, මලයාසියාව, ඉන්දුනියාව හා ආජන්ටිනාව සෙසු රටවල් වෙයි. යුද්ධයෙන් පසු ශ්‍රි ලංකාවේ යළි පිබිදීම, යටිතල පහසුකම් ප්‍රවර්ධනය හා ලස්සන තැන් මේ ආකර්ශනයට හේතුවයි. මේ වසරේ දී සංචාරකයන් දස ලක්ෂයක් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන රුපියල් කෝටි 13200 උපයාගැනීම ශ්‍රී ලංකාවේ ඉලක්කයයි. 2016 දී ඉලක්කය වනුයේ සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමයි.