හොඳම රාජ්‍ය ආයතන 110 ට හෙට සම්මාන


(දයාසීලී ලියනගේ)

රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් කරන ලද පරීක්ෂණවලට අනුව හොඳම අමාත්‍යාංශය ලෙස ක්‍රිඩා අමාත්‍යාංශයත් දෙවැන්න ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශයත් තෝරා ගෙන ඇත.

හොඳම දෙපාර්තමේන්තුව ලෙස සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව, දෙවැන්න ලෙස විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත්, තුන්වැන්න ලෙස කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවත් තෝරා ගෙන ඇත.

හොඳම දිස්ත්‍රික් ලේකම් කාර්යාල යාපනය දිස්ත්‍රික්  ලේකම් කාර්යලත් දෙවැන්න ලෙස කුරුණෑගලත්, තුන්වැන්න ලෙස මඩකලපුවත් තෝරා ගෙන තිබේ.

හොඳම ප්‍රාදේශීය සභාව ලෙස රිදීගම ප්‍රාදේශීය සභාවත් දෙවැන්න ලෙස කුලියාපිටියත්, තුන්වැන්න ලෙස බිංගිරියත් තෝරා ගෙන ඇත.

හොඳම නගර සභාව ලෙස බොරලැස්ගමුව නගර සභාව ද, දෙවැන්න ලෙස කුලියාපිටිය නගර සභාවද , තුන්වැන්න ලෙස මිනුවන්ගොඩ නගර සභාවද තෝරා ගෙන ඇත.

හොඳම ආයතන 110 ට සම්මාන පිරිනැමීම සිකුරාදා (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පාර්ලිමේන්තුවේදී සිදුවේ.