පාකිස්තානයට එරෙහිව අබුඩාබි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගත් රංගන හේරත් මෙම තරගයේදී සිය 400 වැනි ටෙස්ට් කඩුල්ලත් දවාගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයට පත්ව සිටින රංගන හේරත් ටෙස්ට් කඩුලු 400 ක් දවාගත් ලෝකයේ පළමුවැනි වමත් දඟ පන්දු යවන්නාද වෙයි.
ටෙස්ට් තරග 84 කට ක්‍රීඩා කර ඇති රංගන හේරත් පාකිස්තානු පිලට එරෙහිව දවාගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 101 කි.


