(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප ඇයැදුම් දෙක පෙබරවාරී 10 වැනිදා සළකා බැලීමට කොළඹ මහාධිකරණය අද (09) නියම කළේය.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුහු සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.
හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් මහාධිකරණය එලෙස නියම කළේය.
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවටද අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවටද වෙන වෙනම ඉදිරිපත් කර ඇති ඇප ඇයැදුම් දෙක සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.
හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටින වැඩබලන පොලිස්පතිවරයාට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට, එහි වානිජ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතීපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එලෙස නොතිසි නිකුත් කෙරිණි.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදී කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විසින් ඔවුන් ඇප මත මුදා හරිනු ලැබුවාය.
කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලූ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරමින් සැකකරුවන් දෙදෙනා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.
ඒ අනුව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින සැකකරුවන් දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් සැකකරුවන් විසින් වෙන වෙනම ඇප ඇයැදුම් පත් දෙකක් ඉදිරිපත් කොට ඇත.
එම ඇප ඇයැදුම්පත් සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් විසින් අධිකරණයට විරෝධතා ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරුන් මෙම ඇප ඇයැදුම්පත් ලබන මස 10 වැනිදා යළි කැදවීමට නියම කෙරිණි.

