හේමසිරි - පූජිත් 20 තෙක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)