හේන්දෙවිතාරණගෙන් පැය අටක් ප්‍රශ්න කරයි


(ඉන්දිකා රාමනායක) 
 
උතුරු නැගෙනහිර   කේබල් රූපවාහිනී ආයතනකින් සහ තවත්  ආයතන කිහිපයකින් මිලියන  ගණනක මුදල්   සිය ගිණුමට බැර කරගෙන ඇතැයි කියන  පැමිණිල්ලක් මත  ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි මේජර් ජනරාල් (විශ්‍රාමික) කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය අද(14) පැය  8 කට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.
 
මුල්‍ය අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමක් මත  හෙන්දාවිතාරණය මහතා  අද උදේ නවයට පමණ එහි ගොස් ඇති අතර  ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් වී ඇත්තේ සවස 5.30ට පමණය.
 
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශනය සිදු වෙයි.
 
ඉකුත් රජය සමයේ සිදු වු පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදන් වීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද හෙන්දාවිතාරණ මහතාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.