හෙලිකොප්ටර් අනතුරකින් තායිවාන හමුදා ප්‍රධානියා මරුට


තායිවානයේ තායිපේ අගනුවර අසන්නයේ දී යුද හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් ප්‍රධාන හමුදා නිලධාරීයා ඇතුළු අටදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

කඳුකර පෙදෙසකට ගොඩබැස්වීමට යෑමේදී හමුදා නිලධාරීන් පිරිසක් රැගත් බ්ලැක් හෝක් නම් වන මෙම හෙලිකොප්ටරය අනතුරට ලක්වූ බව තායිවාන ආරක්ෂක අංශ පවසයි.

අනතුරට ලක්වන අවස්ථාවේ තායිවානයේ ප්‍රධාන හමුදා නිලධාරියා වන ජෙනරාල් ෂෙන් යී මින්ග් මහතා ඇතුළු  12දෙනකු යානයේ ගමන් කරමින් සිට ඇත. ඔවුන් අතර තවත් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිපදෙනකු ද සිටි බව පැවසේ.

මෙම යානය ඊසාන දෙසින් පිහිටි හමුදා කඳවුරකට පියාසර කරමින් සිටියදී අනතුරට ලක්වී ඇත.

මුදවාගැනීමේ කටයුතු සඳහා තායිවාන ගුවන් හමුදාව තවත් හෙලිකොප්ටර් යානා දෙකක් සහ භටයින් 80ක් පමණ අනතුර වූ වුලෙයි පෙදෙසට යවා තිබේ.
 
(බීබීසී ඇසුරිණි - 085)