හෙරොයින් ප්‍රවාහනය කළැයි දිවි ඇති තෙක් හිරගෙට


(  එච්. චන්දන )

හෙරෝයින් මත් කුඩු සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ වැරදිකරුවකු වු පුද්ගලයකුට ඡීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු ඇන්ටනී කීටස් ඩෙප්ත් මහතා අද (21) නියම කළේය.
 
2012 පෙබරවාරි 08 වැනි දා හෝ ඒ ආසන්න දිනයකදී  එම පුද්ගලයා හෙරෝයින් කිලෝ 01 ග්‍රෑම් 180ක්  සමග කල්පිටිය නගරයේදී පොලිස් මත් ද්‍රව්‍ය නාශක  අංශය මගින්  අත්අඩංගුවට ගෙන තිබිණි.