හෙද විදුලි බිල කපන හැටි වෛද්‍ය අධිකාරි කියයි
අනුරාධපුර රෝහලේ හෙද නේවාසිකාගාරයේ විදුලි බිල එහි නේවාසික හෙදියන් 89 දෙනා අතර සමසේ බෙදා අය කරන බව රෝහල් අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරුණාරත්න මහත්මිය කියන්නීය. ඒ අනුව මේ මාසයේ රුපියල් 800ක් කපා ගෙන ඇතැයි ද විදුලි බිල පාවිච්චි කිරීම අඩු වැඩි වන ආකාරයට එම ගණන ද අඩු වැඩි වෙතියි ද අධ්‍යක්ෂවරිය පවසන්නීය. මෙම මාසයේ බිල රුපියල් 800ක් වී යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ අටසියයක් පමණ හෙදියෝ අද වැඩ වැරූහ.

