විනීතා එම් ගමගේ
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය යෙදෙන හෙට දවසේ දී දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය, පාසැල් දරුවන්ට හා වැඩිහිටියන්ට නොමිලේ නැරඹිමට අව්සථාව උදා කර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජයසේන මහත්මිය පැවැසුවාය.
අවුරුදු 12 ට අඩු දරුවන් හා 60 ට වැඩි වැඩිහිටියන් ද, පාසැල් නිල ඇඳුමින් එන දරුවන්ද මෙම හිමිකම ලබන බව ද ඇය කීවාය.
ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ වැඩ සටහනක් හෙට දහවල් 1.30 ට පැවැත්වෙන බව ද අැමතිනිය පැවැසුවාය.
මීට අමතරව අවුරුදු 18 ට අඩු සියලු දෙනාට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය , හග්ගල ජාතික උද්භිද උද්‍යානය, හම්බන්තොට මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය හා ගම්පහ උද්භිද උද්‍යානය යන උද්භිද උද්‍යානවලට නොමිලේ ඇතුළු විය හැකි බව ද ජයසේන මහත්මිය කීවාය.

