හෙට විදුලිය කපන්නේ නෑ


(යොහාන් භාසුර)

තෛපොංගල් උත්සවය යෙදී ඇති හෙට (15) දිනයේ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14) පස්වරුවේ පැවසීය.

සාමාන්‍ය පරිදි හෙට දිනයේ ද පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.