(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සභාවාරයක් හෙට (3) පස්වරු 3 ට පැවැත්වීමට නියමිතය.
එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්පන්දන් යන මහත්වරු ඒකාබද්ධව පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කෙරෙන අතර එම යෝජනාව පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අදහස් දැක්වීමට නියමිතය.

