(සනත් ගමගේ)
හුංගම හාතාගල දෙනිය ප්‍රදේශයේ දී හුංගම පොලිස් නිලධාරීයකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමකට වෙඩි වැදී මිය යෑමේ සිද්ධියට සම්බන්ධ ගිනිඅවිය රජයේ රස පරීක්ෂකට යොමුකර නීතිපතිගේ උපදෙස් ලබාගෙන කරුණු වාර්තා කරන ලෙස තංගල්ල සහකාර පොලිස් අධිකාරීට අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරිය අද (20) නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ ඉදිරිපස අසුනේ වැඩම කරවූ හාතාගල රාජමහා විහාරාධිපති පල්ලේගම ජිනරතන නා හිමියන් හා පොලිස් නිළධාරීන් දෙදෙනා ද අධිකරණය හමුවේ සාක්ෂි දීම සිදු කෙරිණි.
අපවත් වූ උණාවටුනේ සීලරතන හිමියන්ගේ දේහය අදාහනය කිරීමට අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරිය එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරින් දෙදෙනා මුදාහැරිමට නියෝග කළාය.
පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම මත අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු ජනවාරි (27) දක්වා බන්ධනාගාරගත කිරීමට අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අපවත් වූ උණාවටුනේ සීලරතන හිමියන්ගේ අදාහන කටයුතු බදාදා (22) හුංගම හාතාගල රාජමහා විහාරස්ථාන ආදාහන මළුවේ දී සිදු කිරීමට නියමිතය.

