හුංගම හිමිනමකට වෙඩිවැදීම ගැන පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි


(ඉන්දිකා රාමනායක)

හුංගමදෙණිය ප්‍රදේශයේ පොලිස් නිලධාරියකු සතුව තිබූ පිස්තෝලයක්  ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට ඇති  බව ජාතික පොලිස් කොමිසම පවසයි.

මෙම වාර්තාව ලබන 23 වැනි  දා කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බව  ජාතික පොලිස් කොමිසමේ  ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.

හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අණ නොතකා යතුරුපැදියක් පළා යමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින්   සැකකරුවන් ලුහුබැද ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පොර බැදීමකදී  මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරියාගේ ගිනි අවිය කි‍්‍රයාත්මක වීමෙන් ඒ අසල වෑන් රථයක සිටි හිමිනමට වැදීමෙන්  හිමිනම අපවත් වී තිබුණි.

හුංගම  හාතගල  පුරාණ රජමහා  විහාරයේ  වැඩ විසු  බුත්තල  උණවටුනේ  සීලරතන  (21) හිමියෝ සිද්ධියෙන් අපවත් වුහ.