හීලෑ චීටා ප‍්‍රහාරයට හේතු සොයයි ”මද කිපුණු චීටා දෙනක ළඟ ඉඳලා” By None // 2012 මැයි 09 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්හි වයලට් ඞී. මෙලෝ සිය හැට වැනි උපන් දිනය සැමරීමට සිය සැමියා වන ආර්චි (64) සමග දකුණු අප‍්‍රිකාවේ ක්රාගා කම්මා සතුන්වත්තට ගියාය. එය සැමියාගේ උපන් දින තෑග්ගයි. එහි හීලෑ චීටාවකු සමග පින්තූරයක් ගන්නට ගිය වයලට් දුටුවේ චීටාවකු අට හැවිරිදි දැරියකට පහර දෙන බවයි. ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ වයලට් වෙත තවත් චීටාවෙක් කඩා පැන්නේය. ඇය බිම පෙරළාගෙන සපන්නට හූරන්නට විය. ඒ වන විට ඇගේ සැමියා සිටියේ සතුන් සිටි කූඩුවෙන් එළියේය. ඔහුට කළ හැකි එකම දේ වූයේ බිරියට පහර දෙන චීටාගේ පින්තූර ගැනීම පමණි. ලේ ගලමින් සිටි දරුවා බේරාගන්නට යද්දී ඇගේ ඇඟට චීටාවකු පනිද්දී ඇය ක්‍ෂණික තීරණයක් ගත්තාය. ඒ අනුව මළ කඳක් සේ ඇය සිටියාය. ”දඟලන්න එපා. දඟලන්න එපා. මියගිය විදියට ඉන්න” යනුවෙන් මා මටම කියා ගත්තා” ඒ අනුව රඟපෑවා යැයි ඇය පසුව කීවාය. උද්‍යාන සේවකයෝ වහා එහි අවුත් වයලට් බේරාගෙන රෝහල්ගත කළ අතර ඇගේ හිසට මැහුම් කිහිපයක් ද දැමිණි. හොඳටම හීලෑ සතුන් වන චීටාවුන්ගේ මේ හැසිරීමට හේතුව පැහැදිලි නැතත්, මඳකිපුණු චීටා දෙනක යා බද කූඩුවේ සිටීම එක් හේතුවක් විය හැකි යැයි කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත