හිසරදේට බේත් දී හිස රුදාව හදා ගනී


හිස රුදාව හා බඩේ අමාරුව සුව කිරීමට ආ ඇදුරකු මීගමුවේ දහ අට හැවිරිදි තුරුණියක කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කියයි. ඇයට හූනියමක් කැර ඇතැයි පේනයක් බලා කියූ ඇදුරා ඇගේ පියා කාමරයෙන් එළියට යවා මවගේ දෑස් බැඳ ආගමික ගීතිකා කියමින් වන්දනා කරමින් ඇය කෙළෙසා ඇත. මොහු ගැහැණුන් රැසක්ම මේ ආකාරයට කෙළෙසා ඇතැයි පොලීසිය කියයි.