හිරේදී ගුටි නොකා ඉන්නත් පගාව අරන්


ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී රිමාන්ඩ් කළ සැකකරුවන් තිදෙනකුට පහර නොදී ආරක්ෂා කිරීම සඳහා තංගල්ල බන්ධනාගාරය වෙත නොයවා සිටීමට කාන්තාවකගෙන් රුපියල් 1000ක අල්ලසක් ගත් බව කියන බන්ධනාගාර නියාමකයකු ලබන 20 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. ඇඹිලිපිටිය බන්ධනාගාර සිර මැදිරියේ සුමිත් අබේගුණවර්ධන විජේසිංහ එසේ රිමාන්ඩ් කරනු ලැබුයේ උඩවලවේ දමයන්ති වික්‍රමසිංහ මහත්මියගේ පැමිණිල්ලක් අනුවය.