අන්තර් බන්ධනාගාර මළල ක‍්‍රීඩා තරගාවලිය මෙවර ද කොළඹ වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගනයේදී අද පැවැත්විණි.
මෙවර උළෙලේ සිදුවූ විශේෂත්වය වූයේ ප‍්‍රථම වරට රැඳවියන්ගේ ක‍්‍රීඩා ඉසව් කීපයක් ද එයට එක් කර තිබීමයි.
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී හා ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක යන මහත්වරු විශේෂ ආරාධිතයෝ වූහ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතාගේ උපදෙස් මත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මලල ක‍්‍රීඩා ලේකම් චන්දන ඒකනායක මහතා ප‍්‍රමුඛ කමිටුව මේ උළෙල සංවිධානය කෙළේය.
