හිරේ ඉඳන් පොලිස් වෙසින් කප්පම් ඉල්ලලා
දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක කෙලෙසීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල නාගරික මන්තී‍්‍ර අංජන ලියනගේ සඳුදා (16) පැවැත්වෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනා නොගැනීම සඳහා රුපියල් දස ලක්‍ෂයක කප්පම් ඉල්ලූ බව කියන දෙදෙනෙක් හුංගම පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. හිරකරුවකු හිරගෙදර සිට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ඇයට ජංගම දුරකථනයෙන් කතා කර කප්පම ඉල්ලා ඇත.

