හිරෙන් ආ ගමන් යූරෝ හොරට ගහලා
ඉතාලියේ සිට පැමිණිබව කියමින් යූරෝ සියයයේ හොර නෝට්ටු 100 ක් දි නාරම්මල රන් අබරණ හලකින්රුපියල් ලක්ෂ තුනහාමාරකට ආසන්න රන් අබරණ මිලට ගැනිමට ගිය බත්තරමුල්ලේ හා බෝමිරියේ දෙදෙනෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. වාහන නඩු කිහිපයක් සම්බන්ධයෙන් මේ දෙදෙනාම හිරේ ගොස් ආ අය බව ද පොලිසිය කියයි

