හිරු පාපැදි සවාරියේ පළමු අදියරේ ජය බුද්ධිකට
හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු පාපැදි සවාරියේ (රේසිං) පළමු අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසුරිය අද (29) සමත්විය. කොළඹ ගුවන් හමුදා මූලස්ථාන ක‍්‍රීඩාංගණය ඉදිරිපිටින් අද පෙරවරුවේ ආරම්භ වු මෙම පාපැදි තරගයට තරගකරුවෝ 102 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.
තරගකරුවෝ මරදාන, පෑලියගොඩ, ගම්පහ, බෝගමුව, මාවනැල්ල, කඩුගන්නාව නගර පසු කරමින් මහනුවර නගරයෙන් පළමු අදියර අවසන් කළහ. බුද්ධික පැය 3. විනාඩි 16. තත්පර 06 ක කාලයකින් තරගය නිම කළේය. නාවික හමුදාවේ ක‍්‍රිෂාන් මධුෂංක සහ යුද හමුදාවේ තුෂාන් චන්දන තියුණු තරගයකින් පසුව පැය 3. විනාඩි 16. තත්පර 44 ක සම කාලයක් ලබා පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන ලැබුහ.
මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටින් හෙට (30) පෙරවරු 8.00 ට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භවන දෙවැනි සහ අවසන් අදියර නිම වන්නේ මාවතගමිනි.
මෙම පාපැදි සවාරියේ ශූරයාට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් ලක්‍ෂ දෙකකි.

