(ටී.කේ.ජී.කපිල)
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, විවිධ හිරිහැරවලට ලක්වී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 32දෙනෙක් අද(24) කටුනායක කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ.
ඔවුන් තම හාම්පුතුන්ගේ නිවෙස්වල සේවය කරමින් සිටියදී හිරිහැරවලට ලක් වී ඇති අතර පසුව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබුණි.
ඔවුහු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.



