හිරිහැරයට ලක් වූ ගෘහ සේවිකාවෝ 36 ක් යළි ශ්‍රී ලංකාවට


(ටී.කේ.ජී.කපිල )
 කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී ,විවිධ හිරිහැර ,කරදර මෙන්ම වැටුප් නොලැබීම නිසා අසරණ වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු  අද (09)  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
 ඔවුහූ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවෝ වූහ.

තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි  ඔවුන් අතර මාස 05 ක දරු ගැබක් හිමි ගර්භනී කාන්තාවක්  සහ පහරදීම් නිසා ආබාධිත තත්වයේ පසුවන කාන්තාවක් ද  සිටියහ .

 ඔවුහූ  කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ  තම පැමිණිළි සටහන් කිරීමෙන් පසුව , ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියහ .