හිරකරුට සලකන්න සල්ලි අරන් රිමාන්ඞ්
ඇඹිලිපිටිය සිර මැදිරියේ සිටින යුද හමුදා සෙබළකු හා තවත් අයෙකුට පහර නොදී ආරක්‍ෂා කැර ගනීමටත් තංගල්ල බන්ධනාගාරය වෙත මාරු කර නොයැවීමත් සඳහා රුපියල් 3000ක අල්ලසක් ගත්තැයි කියන බන්ධනාගාර නියාමක සුමිත් අබේගුණවර්ධන ලබන මස 2 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (20) නියෝග කළේය.

