හිමිනම හිරේට යන කොටම ”හලෝ” අතට
ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකින් ”3ජී” වර්ගයේ අධි තාක්‍ෂණයෙන් යුත් ජංගම දුරකථන 44ක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (10) රාත‍්‍රී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ”3ජී” වර්ගයේ ජංගම දුරකථන වලින් දෙකක්ම ඊයේ (10) රිමාන්ඞ් බාරයට පත්කළ දකුණ පළාතේ පාතාල අපරාධ වලට සම්බන්ධ බවට සැකකරන හිමිනමක් ළඟ හා ගාල්ල නාවික හමුදා කඳවුරට පහරදීමට තැත්කළ කොටි රැඳවියකු ළඟ තිබී හමුවූ බව එහි නිලධාරියෙක් පැවසීය.

