හිමිකරුවකු නැති මෝටර් රථයේ ගිනිඅවි තුනක්


ටෝනි කරුණානායක සහ තිලකරත්න දිසානයක
 
 ගම්පහ ඔසුසළ අසල හිමිකරුවකු නොමැති අතහැර ගිය මෝටර් රථයක තිබී ගිනිඅවි තුනක් සොයා ගත් බව පොලිසිය කියයි.
 
හිමිකරුවකු නැති මෝටර් රථයක් ගැන ලද තොරතුරකට අනුව අද සවස පොලිසිය ගොස් විමර්ශන ඇරැඹීය.
 
එම මෝටර් රිය ඇතුළේ ටී පනස් අය ගිනි අවි තිබෙන බව එම අවස්ථාවේ පොලිසියට නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව උසස් පොලිස් නිලධාරීහු පිරිසක් ද එම ස්ථානයට මේ වන විට පැමිණ සිටිති.

ඡායාරූප  තිලකරත්න දිසානයක