හිමි නම පන්සලෙන් කෑල්ලක් විකුණයි


පැපිලියානේ පන්සලක පර්චස් 8.3 ක ඉඩමක් ප්‍රකාශන ඔප්පුවකින් රුපියල් ලක්ෂ 75 කට විකුණු බව කියන වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අරුණි අාටිගල මහත්මිය නියෝග කළාය.

මෙම ඉඩම විහාර දේවාලගම් පනත යටතට  ගැනෙන හෙයින් විකිණිය නොහැකි බව දැන්වීමෙන් පසු ඉඩම ගත් පුද්ගලයා රහස් පොලීසියට පැමිණිලි කළේය.

වසරක් ඇතුළතදී එම මුදල් ගෙවීමට  හිමි නම අධිකරණයේදී එකඟවිය.