හිඳගොඩ දිය බුබුල සිඳීයාම භූමි විපර්යාසයක පෙරනිමිත්තක්ද


(පාලිත ආරියවංශ)

ඉතිහාසයේ කිසිම දිනක නොසිඳුන බව කියන රජ දවස සිට පැවත එන දිය උල්පතක් වන බදුල්ල හිඳගොඩ බුබුල දිය උල්පත සිඳීගොස් ඇත.

දිනකට 700ක්  පමණ දෙනා මෙම ස්ථානයෙන් ස්නානය කළත්  එහි ජලයේ කිසිදු අඩුවක් නොවු බවත් එම දිය උල්පත නිරන්තරයෙන් ජලය පිටාර ගොස් අවට කුඹුරුද සශ්‍රික කළ බවත් ප්‍රදේශවාසිහු කියති.

මෙය භූමි විපර්යාසයක් නිසා සිදුවන්නක් වියහැකි බැවින් භූ විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රදේවාසීහු වගකිවයුතු  අයගෙන් ඉල්ලති .