හිතවතාගේ බිරිඳට කවටකම් කළාට මන්නා පහරින් මරුට


(ඔගස්ටින් ප‍්‍රනාන්දු)

තම බිරිඳට නිතර විහිළු කරමින් ඇය කෝපයට පත් කිරිමෙ පුරුද්ද අත් හරින ලෙසට දි ඇති අවවාද නොපිළිගත් පුද්ගලයකුගේ හිසට කොටා ඝාතනය කර පලා ගිය බව කියන පුද්ගලයකු අද(18) අත්අඩංගුවට ගත් බව  හලාවත පොලිසිය කියයි.

සැකකරු මිය ගිය පුද්ගලයාගේ නිවසට අද (18 )අළුයම ගොස් ඔහු අවදි කරවා මන්නා පිහියකින් ඇන ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කරයි.

බරපතල ලෙස තුවාල ලැබූ එම පුද්ගලයා හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු හා මියගිය පුද්ගලයා එකම ගමේ පදිංචි හිතවතුන් වන අතර මිය ගිය පුද්ගලයා නිතර විහිළු කිරිමට පුරුදුව සිටි බවත් පොලිසිය කියයි.

(ඡායාරූප-ජූඩ් සමන්ත)