හිටපු හමුදාපති පාකිස්තානයට


රටවල් 33 ක් සඳහා නව මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන් නම් කිරීමට විදේශ අමාත්‍යංශය සැරසෙයි.

විදේශ සේවයේ නිලධරයෝ 17 දෙනෙක් ඒ අතර සිටිති.

සෙසු පිරිස අතර විවිධ වෘත්තිකයෝද හමුදාවේ ඉහළ නිලධරයෝද සිටිති.

හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක ද පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීමට යයි.

ඉහළ නිලතල සඳහා වන පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය ලැබුණු පසු පත් කිරීම් සිදු කිරීමට නියමිතය.