හිටපු හමුදාපති නිදොස් කොට නිදහස් කරන්නැයි එජාපය කියයි


හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට පැනවූ සියලූ දඬුවම් වලින් නිදොස් කොට නිදහස් කර ඔහුට හිමි සියලූ වරප‍්‍රසාද හා අයිිතිවාසිකම් හිමි කර දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ගෙන ඒමට යයි. මේ සඳහා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී  මණ්ඩලය අද යෝජනාවක් සම්මත කළේය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මුලසුන හෙබවූ පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ යෝජනාව ඉදිරිපත් කළේය. පොන්සේකාගේ ඡුන්ද අයිතිය තහවුරු කර විදේශ ගමන් බලපත‍්‍රයද ආපසු දෙන්නැයි එම යෝජනාවෙන් කියයි.

සබැඳි පුවත්.......