හිටපු විදුහල්පති වරද පිළිගනී


පළමු වැනි වසරට ළමයකු ඇතුළු කිරීම සඳහා මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇය හෝටලයකට රැගෙන ගිය බව කියන කොට්ටාව ආනන්ද විද්‍යාලයයේ හිටපු විදුහල්පති එම් ජී ධර්මදාස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය හමුවේ අද (12) වරද පිළිගත්තේය.

දඬුවම් නියම කිරීම 15 වැනි දා ට කල් තැබිණි.