හිටපු මහාධිකරණ විනිසුරුවරිය කොළඹ අපරාධ කොට්ඨාසයට


( ඉන්දිකා රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ  බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා  හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මිය  කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ  ඇත.
 
 කොළඹ අපරාධ කොට්ඨාසය  ඒ  මහත්මියගෙන්  ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටී.