උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී හා ජාතික හෙළ උරුමයේ සංවිධායකවරයකු වු බී කේ ගුණරත්න මහතාගේ සිරුර (60) මැදිරිගිරියේ පාළු හා අනාරක්ෂිත ළිඳකින් අද සොයාගත් බව පොලීසිය කියයි.
පසු ගිය 30 වැනිදා ඔහු නිවසින් බැහැරව ගොස් ඇතැයි ද එතැන් පටන් ඔහු ආගිය අතක් නැතැයි ද ඔහුගේ බිරිය කළ පැමිණිල්ලේ සඳහන්වේ.

