මිද්දෙනිය තලාවේ දී තිදෙනකුට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අපේක්ෂක හිටපු පළාත් ඇමැති සී ඩී වී උපුල් සහ තවත් අයකුට වලස්මුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ඩබ්ලිව් එල් සේරසිංහ මහතා රුපියල් දෙලක්ෂය බැගින් ඇප නියම කළේය.
ඔහු දකුණු පළාත් සභා එජාප අපේක්ෂක සෝමපාල ඒකනායකගේ සහෝදරයකුට හා තවත් අයකුට පහර දී ඇතැයි අධිකරණයේ දී කියැවිණි.

