හිටපු නීතිපති ඉල්ලීම විසිවෙයි
ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන සාක්කි දීමට හිටපු නීතිපති මොහාන් පීරිස් කැඳවමින් හෝමාගම මහේස්ත‍්‍රාත් නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපති කළ ඉල්ලීම අද ප‍්‍රතික්ෂේප කළේය.
මහේස්ත‍්‍රාත් අධිකරණයේ හෝ මහේස්ත‍්‍රාත්වරයාගේ කටයුතුවලට මැදිහත්වීමට අභියාචනාධිකරණය අදහස් නොකරන බව අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා මහතා පැවැසීය. විභාග ලබන ජුලි 23 වැනි දිනට කල් තැබීය. එදිනට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිදු කෙරෙන සාක්කි විමැසීමේ ප‍්‍රගතිය වාර්තා කරන ලෙසටද අභියාචනාධිකරණය නීතිපතිට නියෝග කළේය.
එක්නැලිගොඩ විදේශයක සිටින බවට හිටපු නීතිපති මොහාන් පීරිස් වධ හිංසාවලට එරෙහි එක්සත් ජාතින්ගේ කමිටුව හමුවේ ප‍්‍රකාශකර තිබිණි. එහෙයින් ඔහු සාක්කියට කැඳවන්නැයි එක් නැළිගොඩගේ බිරිය සන්ධ්‍යා හෝමාගම උසාවියෙන් ඉල්ලා සිටියාය.

