හිටපු ජේඑම්ඕ සම්බන්ධ පරීක්ෂණ ජූනියේ අවසන්


(නිමන්ති රණසිංහ)

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධ පරීක්ෂණය මේ මාසයේ දී අවසන් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතාට අද(15) දැනුම් දුන්නේය.

තාජුඩීන් ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් ඇප මත සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අද අධිකරණයට පැමිණි අතර නඩු විභාගය ලබන ජූලි 27 වැනිදා තෙක් කල් තැබිණි.