අනීෂා මානගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට ගෞරව දැක්වීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් මැදමුලන නිවස වෙත ඊයේ(22) හා අද(23) දිනයන් හීදී පැමිණියහ.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන හා එස්.එම්.චන්ද්‍රසේන ඇතුළු දේශපාලනඥයින් රැසක් මෙලෙස චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.
පැමිණ සිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියල්ලෝම පාහේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහත්වරුන් සමඟ සුහද කථාබහකද නිරත විය.