(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා අද (21) දහවල් තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
ටියුඩර් චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වන විට 75 වැනි වියෙහි පසුව ඇති අතර ඒ මහතා ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ හා එම මැතිණියගේ සිව්වැනි දරුවා වේ.
එක්දරු පියෙකු වන චන්ද්‍රා රාජපක්ෂ මහතා කාලයක සිට රෝගාතුරව සිට ඇති අතර ඊයේ (20) සවස හදිසියේ ඔහු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අද (21) දහවල් 12.45ට පමණ රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇත.